දෙපිලම 314යි: ඉන්දු – නවසීලන්ත එක්දින තරගය ජය පැරදුමෙන් තොරයි

දෙපිලම 314යි: ඉන්දු – නවසීලන්ත එක්දින තරගය ජය පැරදුමෙන් තොරයි

දෙපිලම 314යි: ඉන්දු – නවසීලන්ත එක්දින තරගය ජය පැරදුමෙන් තොරයි

කර්තෘ Chathuranga Rajapaksha

25 Jan, 2014 | 7:11 pm

ඉන්දියාව සහ නවසීලන්තය අතර අද පැවති 3 වන එක්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස නවසීලන්තය තවමත් ඉදිරියෙන් සිටී.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදි සියලුදෙනා දැවී ලකුණු 314ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ද නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 9ක් දැවි ලකුණු 314ක් ලබා ගත්තේය.

Hamish Bennett

ඕක්ලන්ඩ්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළේය.

මාර්ටින් ගප්ටිල් ලකුණු 111ක් ලබා ගත්තේය.

කේන් විලියම්සන් ලබා ගත් ලකුණු ගණන 65කි.

මොහොමඩ් ෂාමි සහ රවීන්ද්‍ර ජඩේජා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමේදි මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 50ක් ලබා ගත්තේය.

දක්ෂ ඉනිමක් ක්‍රීඩා කළ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් විය.

කොරේ ඇන්ඩර්සන් ලකුණු 63කට කඩුලු 5ක් දවා ගත්තේය.