සුදු කැස්බෑවාගේ පෙනහළු කොටස් පශු වෛද්‍ය විමර්ශන ඒකකයට

සුදු කැස්බෑවාගේ පෙනහළු කොටස් පශු වෛද්‍ය විමර්ශන ඒකකයට

කර්තෘ Chathuranga Rajapaksha

23 Jan, 2014 | 8:09 pm

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේදී මියගිය  සුදු කැස්බෑවාගේ  පෙනහලු කොටස්  වැඩිදුර පරීක්ෂණ සදහා පශු වෛද්‍ය විමර්ශන ඒකකයට යවා ඇතැයි ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා පවසයි.

පසුගිය සිකුරාදා  සුදු කැස්බෑවුන් සිව්දෙනෙකු දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට ‍රැගෙන ආවේ කොස්ගොඩ සංරක්ෂණ මධ්‍යස්ථානයක සිට ය.

කොස්ගොඩ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට රැගෙන ආ සුදු කැස්බෑවුන් දෙදෙනෙකුගේ වයස අවුරුදු 3ක් හා මාස 6කි.

අනෙක් දෙදෙනාගේ වයස මාස 6කට වඩා අඩු බව ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ මිය ගිය කැස්බෑවා සති 3කට වඩා අඩු වයසේ පසුවූ බව ය.

දැනට සත්ත්වෝද්‍යානයේ සිටින කැස්බෑවුන් තිදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේ ද?

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා

[quote]එක සතෙක් ඊට ඉස්සෙල්ලාත් ඒගොල්ලෝ නිරීක්ෂණය කරලා තිබුණා එයාගේ යම්කිසි පන්ගායි කොටසක් පුස් වගේ තත්ත්වයක් තියෙනවා. ඒකට අපි ප්‍රතිකාර කරනවා. අනිත් දෙන්නා සාමාන්‍යා‍යෙන් හොදම සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නවා[/quote]

ජාතික සත්වෝද්‍යානයේ සිටින සුදු කැස්බෑවන් මෙතෙක් ප්‍රදර්ශනය නොකළේ ඇයි?

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා

[quote]මේක හඳුනා ගැනීම සම්බන්ධයෙනුත් ගැටලුවක් නඩු නිමිත්තේ තියෙනවා. ඉතිං අපි මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගෙන් ඇහුවාම ඒගොල්ලෝ කිව්වේ මේක මහජන ප්‍රදර්ශනයට තැබීම තුළින් අර නඩු නිමිත්තට යම්කිසි ආකාරයක එක පාර්ශවයකට අගතියක් කරා කියලා ඒගොල්ලන්ට අපිට විරුද්ධව  අධිකරණයට කරුනු කියන්න පුළුවන් කියලා.[/quote]

කැස්බෑවුන් වෙනත් ස්ථානයකට රැගෙන යාමේ සූදානමක් තිබේ ද?

උද්භිත උද්‍යාන හා පොදු විනෝද කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා

[quote]කවුරු හරි උසාවි නියෝගයක් අරගෙන ආපහු භාර දෙන්න කිව්වොත් උසාවිය කිව්වොත් අපි ඒක භාර දෙන්නම්. අපිට මේක ප්‍රදර්ශනය කිරීමට කිසිම අවශ්‍යකමකුත් නෑ.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]