ලසිත් මාලිංග අත්හරින්නේ මුදල් ද? රට ද?

ලසිත් මාලිංග අත්හරින්නේ මුදල් ද? රට ද?

ලසිත් මාලිංග අත්හරින්නේ මුදල් ද? රට ද?

කර්තෘ Chathuranga Rajapaksha

23 Jan, 2014 | 3:06 pm

ඕස්ට්‍රේලියාවේ බිග්බෑෂ් තරගාවලියට සහභාගි වන ලසිත් මාලිංග මේ දක්වා දිවයිනට පැමිණ නැති බව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.

බිග්බෑෂ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ටී. එම්. ඩිල්ෂාන්ට අමතරව අජන්ත මෙන්ඩිස් ද එක්වූහ.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඉදිරි තරගාවලි ඉලක්ක කර ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාවට කැඳවන බව ය.

අජන්ත මෙන්ඩිස් දිවයිනට පැමිණිය ද, ලසිත් මාලිංග තවමත් ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා ප්‍රකාශ කළේය.

එළැඹෙන බංග්ලාදේශ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

Big Bash League - Stars v Strikers