මයිකල් ෂූමාකර්ට සම්පූර්ණ සුවය නොලැබීමේ අවදානමක්

මයිකල් ෂූමාකර්ට සම්පූර්ණ සුවය නොලැබීමේ අවදානමක්

මයිකල් ෂූමාකර්ට සම්පූර්ණ සුවය නොලැබීමේ අවදානමක්

කර්තෘ Kumudu Jayawardana

23 Jan, 2014 | 8:58 am

හදිසි අනතුරකට ලක්ව සිටින මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර් සම්පූර්ණ සුවයක් නොලබනු ඇති බවට අවදානමක් මතුව තිබේ.

ඇතැම් මාධ්‍යවල පළ වී ඇත්තේ, ෂූමාකර් ඇපෝලික් සින්ඩ්‍රෝම් නමැති කෝමා තත්ත්වයට පත්ව සිටින බව ය.

මේ හේතුවෙන් ඔහුගේ තත්ත්වය බරපතළ විය හැකි බවට සැකයක් පවතී.

කෙසේ වෙත ත්, ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, ෂූමාකර්ගේ රෝගී තත්ත්වය පිළිබඳ ස්ථිර නිගමනයකට පැමිණීමට තව ත් කල් ගත විය හැකි බව ය.

මේ වන විට ඔහු යම් දුරකට සුව අතට හැරී ඇතැයි ඔවුන්ගේ අදහස යි.

එහෙත් මයිකල් ෂූමාකර්ට සම්පූර්ණ සුවය ලබා දිය හැකි බවට ඔවුන් මෙතෙක් ප්‍රකාශයක් කර නොමැත.