පිටරටවලින් සත්තු රැසක්; ඒ ඔක්කොම හම්බන්තොටට

පිටරටවලින් සත්තු රැසක්; ඒ ඔක්කොම හම්බන්තොටට

පිටරටවලින් සත්තු රැසක්; ඒ ඔක්කොම හම්බන්තොටට

කර්තෘ Kumudu Jayawardana

23 Jan, 2014 | 11:51 am

විදේශ රටවල් රැසකින් මෙරටට සත්ත්ව වර්ග ගණනාවක් ලැබී තිබේ.

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි සත්ත්වෝද්‍යානයෙන් බ්ලැක් බක් නමැති මුවන් 10 දෙනෙකු හා ඔස්ට්‍රේලියානු සම්භවයක් සහිත එමූ පක්ෂීන් 4 දෙනෙකු මෙරටට ලැබුණු බව ය.
emu
මීට අමතරව දකුණු කොරියාවෙන් සිංහ යුවළක් හා බෙංගාලි ව්‍යාඝ්‍ර යුවළක් ලැබීමට නියමිත ය.
lions

bengal-tiger

අනුර ද සිල්වා මහතා පැවසුවේ, චීනයෙන් සහ ජපානයෙන් ද සත්ත්ව විශේෂ ගණනාවක් ලැබීමට නියමිත බව ය.

මෙම සත්ත්වයින් හම්බන්තොට ඉදිවන සෆාරි සත්ත්වෝද්‍යානයේදී මහ ජනතාවට ප්‍රදර්ශනය කෙරෙනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]