පාප් තුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය දින නියමයකින් තොරව කල් යයි

පාප් තුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය දින නියමයකින් තොරව කල් යයි

පාප් තුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය දින නියමයකින් තොරව කල් යයි

කර්තෘ Kumudu Jayawardana

23 Jan, 2014 | 1:14 pm

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය දින නියමයකින් තොරව කල් දමා තිබේ.

වතිකානු මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්‍රිකෝ ලොම්බාඩි දේවගැතිවරයා පවසන්නේ, මේ වසර තුළ ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය සිදු නොවන බව ය.

කෙසේ වෙත ත්, ලබන අගෝස්තු මාසයේදී දකුණු කොරියාවේ සංචාරයක නිරත වීමට ශුද්ධෝත්තම පියතුමන් තීරණය කර තිබේ.

ශුද්ධෝත්තම පියතුමෙකු එරට සංචාරයක නිරත වනුයේ, වසර 20කට පසුව ය.

මීට අමතරව, ආසියාවේ ද සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇත ත්, මේ වසරේ එය සිදු නොවන බව වතිකානුව පවසයි.

එම සංචාරය සම්බන්ධයෙන් දින නියම කිරීමක් ද කර නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]