දෙවන පාර දිනන්න අමාරු යි – බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

දෙවන පාර දිනන්න අමාරු යි – බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

කර්තෘ Kumudu Jayawardana

23 Jan, 2014 | 10:11 am

මැතිවරණයකදී දෙවන වරට ජයග්‍රහණය කිරීම දුෂ්කර බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහයකයින්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනයට එක් වෙමිනි.

“විශේෂයෙන් ම පළවෙනි පාරට වැඩිය දෙවෙනි පාර දිනන එක අමාරුයි. දැන් මම ගම්පහට පළවෙනි පාර ආපු වෙලාවෙ කිසි කරදරයක් වු‍ණේ නැහැ. දැන් දෙවෙනි පාර කොහොම වෙයි ද දන්නෙ නැහැ. මොකද දෙවෙනි පාර එනකොට නොයෙක් දේවල් බලන්න පුළුවන්. පළවෙනි පාර අපි ඉල්ලනකොට ඕන එකක් ගහන්න ත් පුළුවන්නේ. ‘දූෂණයෙන් තොර නායකත්වය, මතින් තොර නායකත්වය’ අරවා මේවා ඔක්කොම ගහන්න පුළුවන්. ඒත්, දෙවෙනි පා ඒවා ගහන්න බැහැ. ගැහුව ත් මිනිස්සු පිළිගන්නේ නැහැ”

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]