දංකොටුවේ වෙඩි පත්තු වෙයි: අයෙකු මරුට

දංකොටුවේ වෙඩි පත්තු වෙයි: අයෙකු මරුට

දංකොටුවේ වෙඩි පත්තු වෙයි: අයෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

23 Jan, 2014 | 10:25 pm

දංකොටුව ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් එම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.

නිවස කොල්ලකන අවස්ථාවේදි නිවසට ජීප් රථයකින් පැමිණි පුද්ගලයෙකුට එම වෙඩි තැබීම සිදුකර කොල්ලකරුවන් පලාගොස් තිබේ.

අද පස්වර 7.00 ට පමණ එම වෙඩි තැබීම සිදුව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]