කැස්බෑ ඝාතකයෙකු කොටුවෙයි

කැස්බෑ ඝාතකයෙකු කොටුවෙයි

කැස්බෑ ඝාතකයෙකු කොටුවෙයි

කර්තෘ Chathuranga Rajapaksha

23 Jan, 2014 | 3:51 pm

කැස්බෑවෙකු ඝාතනය කර මස් ලබා ගනිමින් සිටි පුද්ගලයකු යාපනය, ඉරනවේලි, කොක්විල් මංසන්ධිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව කල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව ය.

සැකකරු සන්තකයේ තිබූ කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් 12ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා සැකකරු යාපනය පොලීසියට භාර දී තිබේ.