ඉන්දියාවේ ගම් සභාවක නියෝගයකින් තරුණියක් සමූහ දූෂණයකට ලක්වෙයි

ඉන්දියාවේ ගම් සභාවක නියෝගයකින් තරුණියක් සමූහ දූෂණයකට ලක්වෙයි

ඉන්දියාවේ ගම් සභාවක නියෝගයකින් තරුණියක් සමූහ දූෂණයකට ලක්වෙයි

කර්තෘ Kumudu Jayawardana

23 Jan, 2014 | 2:31 pm

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක ගම් සභාවේ තීන්දුවක් මත තරුණියක් සමූහ දූෂණයකට ලක්ව තිබේ.

මෙම සමූහ දූෂණය සිදු කර ඇත්තේ, එම ග්‍රාමයේ වැඩිහිටියන්ගේ තීන්දුවකට අනුව බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ගම් වැසියන් 13 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සමූහ දූෂණයට ලක්වූ 20 හැවිරිදි අදාළ තරුණිය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම අපරාධය සිදු කර ඇත්තේ, එම තරුණිය සිය කුලයට අයත් නොවන තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වීම හේතුවෙනි.

එම සබඳතාව වසර 5ක පමණ කාලයක් පැවතී ඇති අතර තරුණයා තරුණියගේ නිවසට පැමිණ විවාහ යෝජනාවක් කිරීම සම්බන්ධයෙන් ගම් සභාව රැස් වී තිබේ.

එහිදී එම සම්බන්ධය හේතුවෙන් ගම් සභාවේ නීති උල්ලංඝණය වී ඇති බව පවසමින් ඉන්දීය රුපියල් 25000ක් ගෙවීමට ඔවුන් දෙදෙනාට නියම කර ඇති අතර තරුණයාගේ පාර්ශවයෙන් එම මුදල ගෙවා ඇත.

එහෙත්, තරුණියගේ ඥාතීන්ට එය ගෙවීමට හැකියාවක් නොවීය.

එහිදී ගම් සභාවේ ප්‍රධානියා පවසා ඇත්තේ, ඔවුන්ට මුදල් ගෙවීමට හැකියාවක් නොමැති හෙයින් තරුණිය සමග විනෝද වන ලෙස ය.

සමූහ දූෂණය සිදුව ඇත්තේ, ඉන්පසුව ය.

මේ පිළිබඳව තරුණියගේ ඥාතීන් පොලීසියට සම්පූර්ණ ප්‍රකාශයක් ලබා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]