හම්බන්තොට කිඹුලාගේ රෑ සෙල්ලම් හමාර යි

හම්බන්තොට කිඹුලාගේ රෑ සෙල්ලම් හමාර යි

කර්තෘ Kumudu Jayawardana

21 Jan, 2014 | 11:55 am

හම්බන්තොට, මයුරපුර ප්‍රදේශයේ කතරගම – හම්බන්තොට මාර්ගයේ රාත්‍රී කාලයේ සැරිසරමින් සිටි කිඹුලෙකු අල්ලාගෙන තිබේ.

වනජීවී නිලධාරීන් විසින් එම කිඹුලා අල්ලා ගනු ලැබුවේ, ඊයේ රාත්‍රී 8.00ට පමණ එම කිඹුලා අල්ලාගෙන ඇත්තේ, ප්‍රදේශ වාසීන් කළ දැනුම් දීමකට අනුව ය.

එම කිඹුලා අඩි 10ක් පමණ දිග හැළ කිඹුලෙකු බව වනජීවී නිලධාරීහු පවසති.

එම කිඹුලා අද බූන්දල ජාතික වනෝද්‍යානයට මුදා හැරිණි.