වැල්ලම්පිටිය OIC බිරිඳට ඇප

වැල්ලම්පිටිය OIC බිරිඳට ඇප

වැල්ලම්පිටිය OIC බිරිඳට ඇප

කර්තෘ Sagarika Chathumali

21 Jan, 2014 | 10:37 pm

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය ‍පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ අද ඇප මත මුදා හැරිණ.

ඒ අදාළ සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

කෙසේ වෙතත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා හා අනෙක් සැකකරුවන් තිදෙනා ලබන 28 ව නිදා දක්වා තව දුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඔහුගේ බිරිඳ මුදා හැරුණේ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත යි.