කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු පාසල තුළදී හදිසි අනතුරකින් මරුට

කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු පාසල තුළදී හදිසි අනතුරකින් මරුට

කර්තෘ Kumudu Jayawardana

21 Jan, 2014 | 10:47 am

කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකු අද පෙරවරුවේ සිදු වූ  අනතුරකට ලක් ව ජීවිතක්ෂයට පත් විය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එම විද්‍යාලයේ තුන්වැනි  වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

අද පෙරවරුවේ තව ත් දරුවන් පිරිසක් සමග ක්‍රීඩා කරමින් සිටියදී  මෙම දරුවා අනතුරට ලක් විය.

පොලීසිය පැවසුවේ, සිසුවා පාසලේ තිබූ පොළව තැලීමට යොදා  ගන්නා ගල් රෝලක් හා බිත්තියක් අතරට සිරවී ඇති බව ය.

අනතුරින් පසු ව දරුවා කඩිනමින් රෝහල්ගත කළ ද ඒ වන විටත්  ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු පැවසූහ.

සිද්ධිය පිළිබඳව විමසා බැලීමට රිජ්වේ ආර්යා ළමා රෝහලේ  හදිසි අනතුරු අංශයට අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල  ගුණවර්ධන මහතා ද පැමිණියේ ය.

මිය ගිය සෙනිත් විජේසිංහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 8 හැවිරිදි  සිසුවෙකි.

මෙම ගල්රෝල අනාරක්ෂිතව පාසලේ තිබුණේ නම් ඊට එරෙහි ව ක්‍රියා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.