මන්නාරමේ මිනිස් ඇටසැකිලි පිළිබඳ පරීක්ෂණ CID භාරයට

මන්නාරමේ මිනිස් ඇටසැකිලි පිළිබඳ පරීක්ෂණ CID භාරයට

කර්තෘ Sagarika Chathumali

21 Jan, 2014 | 8:14 pm

මන්නාරම, තිරුකේතීෂ්වරම් ප්‍රදේශ‍යෙන් මිනිස් ඇටසැකිලි හමුවීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

[quote]මියගිය පුද්ගලයින් කවුරුන්ද යන්න තාම හඳුනාගෙන නැහැ.ඒ වගේම මරණවලට හේතුව අනාවරණය කරගෙන නැහැ. පොලිස් මූලස්ථානය මේ වන විට තීරණය කර තිබෙනවා මේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට[/quote]

ඔහු සදහන් කළේ මේ වන විට එහි තිබී ඇටසැකිලි 39 ක් සොයා ගෙන ඇති බව ය.

මන්නාරම, සංගුපිඩ්ඩි මාර්ගයේ සිට මීටර් 50ක් පමණ ඇතුළතින් තිරු කේතීෂ්වරන් ප්‍රදේශය පිහිටා ති‍බේ.

මිනිස් ඇටසැකිලි කොටස් හමු වූ ස්ථානය පිහිටා ඇත්තේ තිරුකේතීෂ්වරන් කෝවිල දක්වා ඇති එක් මාර්ගයක යි.

පසුගිය දෙසැම්බර් 20 වන දා පළමුවරට මෙම ඇටසැකිලි හමුවූයේ ‍මාර්ගයේ ජලනල එළීම සඳහා කළ කැණීමකදී ය.

මන්නාරම දිසා විනිසුරුවරියගේ පූර්ණ අධීක්ෂණය යටතේ තව දුරට ත් එහි කැණීම් සිදු වේ.

ඊයේ දිනයේදී කැණීම් කටයුතු සිදු කරන භූමීය පුළුල් කෙරිණ.

මෙම ඇටසැකිලි සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරති.

මෙම ඇටසැකිලි පිළිබඳ පරීක්ෂණ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්න මහතාගේ මූලිකත්වයෙන් සිදු වේ.

skeleton23

skeleton93