අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක්

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක්

කර්තෘ Kumudu Jayawardana

21 Jan, 2014 | 11:28 am

අමෙරිකාවේ පෙන්සිල්වේනියාහි විශ්වවිද්‍යාලයක් තුළ යළි ත් වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, එහිදී එක් ශිෂ්‍යයෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව ය.

වෙඩි පහර කෑ ශිෂ්‍යයා ‍පිළිබඳව හෝ ඔහුගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් කරුණු හෙළි කර නොමැත.

සිද්ධිය පිළිබඳව විමර්ශන සිදු කෙරෙන අතර විශ්වවිද්‍යාලයේ සිසුන් විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂිතව රඳවා තබාගෙන සිටින බව වාර්තා වේ.