හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර දැඩි විරෝධතා (වීඩියෝ)

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර දැඩි විරෝධතා (වීඩියෝ)

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 4:17 pm

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරුන් 7 දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අද සභාව වර්ජනය කර ඉන් පිටව ගියහ.

එහි උප සභාපති චාමින්ද රත්නායක මහතා පැවසුවේ, 2014 වසර සඳහා වන අයවැය දෙවරක් පරාජය වීමෙන් අනතුරුව සභාපතිවරයා අද යළි සභාවේ මූලාසනයට පැමිණි බව ය.

පනතට අනුව සභාපතිවරයා ඉවත් විය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

මේ අතර, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කුමුදු පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, සභාපතිවරයා නීති විරෝධී ලෙස සභාව පවත්වාගෙන යාමට උත්සහ කළ බව ය.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ‍12 දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙක් වෙති.

ඉන් එක් සන්ධාන මන්ත්‍රීවරයෙකු අද සභාවට නොපැමිණි අතර සභාපතිවරයාට විරෝධය පළකරමින් උප සභාපතිවරයා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සභාවෙන් පිටව ගො‍ස් තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් තුන් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා ද සභාපතිවරයාට විරෝධය පළ කරමින් සභාවෙන් ඉවත්ව ගියහ.

කෙසේ වෙතත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න ඥානරත්න මහතා පැවසුවේ, 2014 අයවැය යෝජනා දෙවරක් පරාජය නොවුණු බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]