English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
17 Jan, 2014 | 9:34 pm
ඉදිරි මහා මැතිවරණයේදී කොංග්රස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස රාහුල් ගාන්ධි නම් නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂ සභාපතිනිය වන ඔහුගේ මව සෝනියා ගාන්ධි පවසන්නේ මැතිවරණයට පෙර අගමැති ධූරය හිමිවනුයේ කාහට දැයි යන්න ප්‍රකාශයට කිරීම කොංග්රස් පක්ෂයේ සම්ප්රදාය නොවන බව ය.
කෙසේවෙතත් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සිය අගමැති අපෙක්ෂකයා පසුගිය සැප්තැම්බර් මාසයේදී නම් කළේ ය.
ඒ අනුව විපක්ෂයේ අගමැති අපේක්ෂකයා වන්නේ ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ය.
අගමැති අපේක්ෂකයා ලෙස නම් නොකෙරුණ ද ඉදිරි මැතිවරණය මෙහෙයවීමේ වගකීම කොංග්රස් පක්ෂය විසින් රාහුල් ගාන්ධිට පවරනු ලැබ තිබේ.
මේ අතර රාහුල් ගාන්ධි පිළිබඳ තීරණය ගැනීමට ඊයේ කොංග්රස් පක්ෂ නායකයින් රැස් වූ අවස්ථාවේ සියල්ලන්ගේ ම තීරණය වී ඇත්තේ, ඔහු අගමැති අපේක්ෂකයා කළ යුතු බව ය.
එහෙත් පක්ෂ සභාපතිනිය වන ඔහුගේ මව සෝනියා පමණක් ඊට විරුද්ධ වූ බව ඉන්දීය වාර්තාවන්හි සඳහන් ය.
විචාරකයින් පවසන්නේ ආර්ථික අර්බුදය සහ දූෂණ අක්‍රමිකතා හේතුවෙන් මේ වනවිට ඉන්දියානුවන් තුළ කොංග්රස් පක්ෂයේ ජනප්‍රියත්වය පහත වැටී ඇති බව ය.
එම තත්ත්වය තුළ කොංග්රස් පක්ෂය සිය ප්‍රධානත ම සම්පතක් ආරක්ෂා කර ගැනීමට මේ පියවර ගෙන ඇතැයි යන්න විචාරක මතය වී තිබේ.
නවතම ජනමත සමීක්ෂණ පෙන්වා දෙන්නේ මේ වන විට භාරතීය ජනතා පක්ෂය ඉදිරි මහා මැතිවරණයේ පෙරමුණේ පසු වන බව ය.
අලුතින් පිහිටුවා ඇති දූෂණ අක්රමිකතාවනට එරෙහි ආම් ආද්මී පක්ෂය ද ඉදිරි මහා මැතිවරණයේදී නව තර්ජනයක් බව පැවසෙයි.
14 Dec, 2019 | 09:19 AM
13 Dec, 2019 | 10:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS