මරණ දඬුවම නියම වූවන්ගේ ඉරණම ජනපති අතේ

මරණ දඬුවම නියම වූවන්ගේ ඉරණම ජනපති අතේ

මරණ දඬුවම නියම වූවන්ගේ ඉරණම ජනපති අතේ

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 10:13 am

දිවයිනේ සියලු බන්ධනාගාරවල රඳවා සිටින මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයින් පිළිබඳ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා පැවසුවේ, එම වාර්තාවට අනුව මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 424ක් බව ය.

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 223 දෙනෙකු බව ද ඔහු පැවසීය.

මරණ දඬුවම නියම වූ රැඳවියන් පිරිසක් පසුගිය දා බෝගම්බර බන්ධනාගාරයේ වහලය මත නැගී තමන්ට හිමිව ඇති දඬුවම ක්‍රියාත්මක කරන ලෙස හෝ දඬුවම් අඩු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක ද නිරත වූහ.

ඒ අනුව අදාළ වාර්තාව සකස් කෙ‍රුණු අතර එම පුද්ගලයින් පිළිබඳව තීරණයක් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ගනු ලබනු ඇතැයි ලේකම්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]