මංගල ටෙස්ට් තරගයේදී දිල්රුවන් මංගල ටෙස්ට් ශතකය අභියස දැවී යයි

මංගල ටෙස්ට් තරගයේදී දිල්රුවන් මංගල ටෙස්ට් ශතකය අභියස දැවී යයි

මංගල ටෙස්ට් තරගයේදී දිල්රුවන් මංගල ටෙස්ට් ශතකය අභියස දැවී යයි

කර්තෘ Sagarika Chathumali

17 Jan, 2014 | 7:08 pm

ශ්‍රී ලංකා – පකිස්තාන තුන්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 428කට කඩුලු 9ක් දැවී තිබියදී සිය ඉනිම අත්හිටුවී ය.

සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන දිල්රුවන් පෙරේරාට අද සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ අවස්ථාව අහිමි විය.

ඔහු ලකුණු 95ක් ලබා සිටිය දී දැවී ගියේ ය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා නුවර පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වන අද ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් හා ප්‍රසන්න ජයවර්ධන පිටියට පිවිසියහ.

ඉනිමේ හයවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 73කට සීමා කරමින් ප්‍රසන්න ජයවර්ධන ලකුණු 35කට දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ය.

නායක ඇන්ජලෝ මැතිව්ස්  අද රැස් කළේ  සිය 13වැනි අර්ධ ශතකය යි.

ඔහු අද අවාසනාවන්ත ලෙස ටෙස්ට් දිවියේ  සිව්වැනි වතාවටත් ලකුණු 90 සීමාවේදී  ලකුණු 91කට දැවී ගියේ ය.

දිල්රුවන් පෙරේරාට අද මංගල ටෙස්ට් ක්‍රිකට් ශතකය වාර්තා කිරීමේ අවස්ථාව අද අහිමි වූ අතර ලකුණු 95ක් රැස්කරගෙන සිටියදී මොහොමඩ් තලා හමුවේ එහු දැවී  ගියේ ය.