ප්‍රා. සභා අයවැයකට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට තව ත් පෙත්සමක්

ප්‍රා. සභා අයවැයකට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට තව ත් පෙත්සමක්

ප්‍රා. සභා අයවැයකට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට තව ත් පෙත්සමක්

කර්තෘ Sagarika Chathumali

17 Jan, 2014 | 3:49 pm

වත්තල ප්‍රාදේශිය සභාවේ 2014 අයවැය සම්මත කරගත් ආකාරය නීති විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණ.

මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ, ප්‍රාදේශීය සභාවේ සභිකයින් 4 දෙනෙකු විසිනි.

පසුගිය දෙසැම්බර් 17 වන දා පැවති ඡන්ද විමසීම අවස්ථා‍වේ තමන්ට ප්‍රාදේශිය සභාව තුළට ඇතුළු වීම වළක්වමින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදුන් බව අදාළ පෙත්සමේ සඳහන් කර තිබේ.

සභාපතිවරයා යොදවා සිටි මැරයින් තමන්ට අඩන්තේත්ටම් කළ බව ද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

පෙත්සමේ දැක්වෙන්නේ ඡන්ද විමසීමට තමන්ට සහභාගීවිමට ඉඩ ලැබුණේ නම් අයවැය පරාජයට පත්වන බව ය.

එමගින් සිදු වූ මූලික අයිතිවාසිකම් කඩවීමට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ලබාදෙන්නැයි, නි‍යෝග කරන ලෙස ද අදාළ සභිකයින් 4 දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]