English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
17 Jan, 2014 | 10:49 pm
ප්රජාතන්ත්රවාදී පක්ෂය අද බලපිටියේ පැවැත්වීමට ගිය ජන හමුවකට පොලීසියෙන් බාධා එල්ල විය.
බලපිටිය බස් නැවතුම්පොළෙහි මෙම ජන හමුව පැවැත්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා අවසර නොලැබීම හේතුවෙන් බලපිටිය පැරණි පොළ පැවති ස්ථානයේ ජංගම වේදිකාවක රැස්වීම පැවැත්වීමට ප්රජාතන්ත්රවාදී පක්ෂය තීරණය කළේ ය.
ප්රජාතන්ත්රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා පැමිණ සිටි පිරිස ඇමතීම අරඹද්දී පොලිස් නිලධරීහු වේදිකාවට පැමිණියහ.
අප වාර්තාකරු පැවසුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙස පොලිස් නිලධාරීන් එහිදී දැනුම් දුන් බව ය.
රැස්වීම අවසන් වීමෙන් පසු ජංගම වේදිකාව රැගත් රථය බලපිටිය ප්‍රදේශයේදී ම රියදුරු සහ වේදිකා ක්‍රියාකරු සමඟ පොලිසිය භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් ඔවුන් අහුන්ගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ය.
ජංගම වේදිකාව රැගත් රථය අධිකරණයට ඉදිරිපත් කරන බව ත් , අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව විමර්ශන පවත්වන බව ත් ඔහු සඳහන් කළේ ය.
05 Dec, 2019 | 10:18 PM
05 Dec, 2019 | 07:50 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS