නවක සරසවි සිසුන්ගේ නායකත්ව පුහුණුව හෙට

නවක සරසවි සිසුන්ගේ නායකත්ව පුහුණුව හෙට

නවක සරසවි සිසුන්ගේ නායකත්ව පුහුණුව හෙට

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 10:29 am

මෙවර විශ්වවිද්‍යාලවලට තෝරාගත් සිසුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනේ තුන් වන අදියර හෙට ආරම්භ කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 21ක එම පුහුණුව ක්‍රියාත්මක වන බව ය.

එම සිසුන්ට අදාළ පුහුණුවෙන් පසු විශ්වවිද්‍යාලවල ලියාපදිංචි විය හැකි බව ද ලේකම්වරයා පැවසීය.