ඔස්ට්‍රේලියාව අධික උෂ්ණත්වයෙන් ගිනි ගනී: පුද්ගලයෙක් මරු දකී (වීඩියෝ)

ඔස්ට්‍රේලියාව අධික උෂ්ණත්වයෙන් ගිනි ගනී: පුද්ගලයෙක් මරු දකී (වීඩියෝ)

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 11:29 am

අධික උෂ්ණත්වය ත් සමග ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ලැව් ගිනි හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහුගේ මළ සිරුර උතුරු ග්‍රැම්පියන්ස් ප්‍රදේශයේ තිබී සොයා ගැනිණි.

ප්‍රාන්ත බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ, මේ වන විට පවතින ලැව් ගිනි පාලනය කළ නොහැකි ම‍ට්ටමකට ව්‍යාප්ත වෙමින් පවතින බව ය.

මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබේ.

මීට අමතරව, බටහිර ඔස්ට්‍රේලියා සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තවල ද ලැව් ගිනි ව්‍යාප් වෙමින් පවතී.

මෙල්බෝර්න් සහ ඇඩිලේඩ් නගර ආශ්‍රිතව අද දිනයේ ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබේ.

මෙම ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් රැසක් ද වාසය කරති.

bushfire2

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]