එක් අයෙකුට මරු කැඳවා තව ත් 67ක් රෝහලට යැවූ පස්යාල බස් අනතුරේ සජීවී CCTV දර්ශන

එක් අයෙකුට මරු කැඳවා තව ත් 67ක් රෝහලට යැවූ පස්යාල බස් අනතුරේ සජීවී CCTV දර්ශන

කර්තෘ Sagarika Chathumali

17 Jan, 2014 | 8:44 pm

නිට්ටඹුව, පස්යාල මංසන්ධිය ආසන්නයේදී අද පස්වරුවේ සිදු වූ බස්රථ අනතුරට අදාළ දර්ශන නිව්ස්ෆස්ට් වෙත ලැබී තිබේ.  

පෞද්ගලික හා ලංගම බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ එම අනතුරින් එක් අයෙක් මිය ගොස් තව ත් 67දෙනෙක් තුවාල ලැබූහ.

අනතුර සිදු වූයේ, කොළඹ සිට මාදුරුඔය බලා ධාවනය කළ බස් රථයක් බිබිල සිට කොළඹ බලා ධාවනය කෙරෙනු තව ත් බස්රථයක ගැටීමෙනි.

අනතුරින් තුවාල ලැබූ 67 දෙනෙකු ඇතුළත් කෙරුණේ වතුපිටිවල මූලික රෝහලට යි.

ඉන් සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.