අන්ධ මිනිසුන් අඳුරේ සිටි කාලය අවසන්

අන්ධ මිනිසුන් අඳුරේ සිටි කාලය අවසන්

අන්ධ මිනිසුන් අඳුරේ සිටි කාලය අවසන්

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 10:58 am

සම්පූර්ණයෙන් අන්ධභාවයට පත්ව සිටි පුද්ගලයින් 6 දෙනෙකුට පෙනීමේ හැකියාව ලබා දීමට බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ති‍බේ.

ඔවුන් පවසන්නේ, ජාන තාක්ෂණය උපයෝගී කරගෙන එය සිදු කළ බව ය.

එහිදී සිදුකර ඇත්තේ, ඇස තුළට ජානයක් ඇතුළු කිරීමෙන් ආලෝක ග්‍රාහක ශෛල යළි පණ ගැන්වීම ය.

මෙම ක්‍රමය සාමාන්‍ය රෝහල්වල සිදු කිරීමට පෙර තව ත් පරීක්ෂණ කළ යුතු බව එම වෛද්‍යවරු පෙන්වා දෙති.

එම වෛද්‍ය කණ්ඩායමේ සාමාජික මහාචාර්ය රොබර්ට් මැක්ලරන් පවසන්නේ, සිය අත්හදා බැලීම සාර්ථක වීම පිළිබඳව බෙහෙවින් සතුටට පත්ව සිටින බව ය.

gene_therapy

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]