අනතුරු ඇඟවීම යි; ධර්මද්වීපයේ කාමාතුරයන්ට බිලි වන ළමා පරපුර

අනතුරු ඇඟවීම යි; ධර්මද්වීපයේ කාමාතුරයන්ට බිලි වන ළමා පරපුර

අනතුරු ඇඟවීම යි; ධර්මද්වීපයේ කාමාතුරයන්ට බිලි වන ළමා පරපුර

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 9:37 am

දිවයිනේ රෝහල් වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මසකදී පැමිණෙන රෝගීන්ගෙන් 100 දෙනෙකු විවිධ ලිංගික අතවරවලට ලක්වූ ළමුන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අතරින් බොහෝ දෙනෙකු වයස අවුරුදු 15ට අඩු ළමුන් බව ය.

ඒ අතර, ගැහැණු ළමුන් 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක් සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ගැහැණු ළමුන් අඩු වයසින් ගැබ් ගැනීමේ ප්‍රවණතාවක් ද වාර්තා වන බව ය.

එම දරුවන් බහුතරයකගේ මව්වරුන් විදේශගතව ඇති බව ද නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව, දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් හා වැඩිහිටියන් වඩා ත් අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]