මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
නොවැම්බරයේ පෞද්ගලික අංශයට දුන් ණයවල වර්ධනයක්

නොවැම්බරයේ පෞද්ගලික අංශයට දුන් ණයවල වර්ධනයක්

නොවැම්බරයේ පෞද්ගලික අංශයට දුන් ණයවල වර්ධනයක්

කර්තෘ Sagarika Chathumali

15 Jan, 2014 | 9:54 pm

පසුගිය නොවැම්බර් මාසයේදී බැංකු මගින් රජය ලබා ගෙන ඇති ණය ප්‍රමාණය පහළ යද්දී පෞද්ගලික අංශයට ලබා දී ඇති ණයවල වර්ධනයක්  වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම දත්තවල ඒ බව සඳහන් ය.

මහ බැංකු දත්තවලට අනුව පසුගිය නොවැම්බර් මාසයේ බැංකුවලින් පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,519කි.

එය ඔක්තොම්බර් මාසයට වඩා රුපියල් බිලියන 22.3ක වර්ධනයකි.

මේ අතර පසුගිය කාලයේ ‍ඉහළ මට්ටමක තිබූ රාජ්‍ය අංශයේ ණය ගැනීම්වල පහළ යාමක් නොවැම්බර් මාසයේදී පෙන්නුම් කර තිබේ.

නොවැම්බර් මාසයේදී බැංකු ක්‍රමය මගින් රජය ලබාගෙන අති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1325.5ක් වන අතර එය ‍ඔක්තොම්බර් මාසයට වඩා රුපියල් බිලියන 3.5 ක පහළ යාමක් බව සඳහන් ය.

ආර්ථීක වර්ධනය දෙසින් බැලීමේදී වඩා යෝග්‍ය වන්නේ රාජ්‍ය අංශය ණය ගැනීමට වඩා පෞද්ගලික අංශය වෙත ණය ගලා යාමයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]