බණ්ඩක්කා ඇටෙයි පුළුං ඇටෙයි අඳුරගන්න බැරි රාජපක්ෂලා නෙවෙයි අපි – බැසිල් රාජපක්ෂ

බණ්ඩක්කා ඇටෙයි පුළුං ඇටෙයි අඳුරගන්න බැරි රාජපක්ෂලා නෙවෙයි අපි – බැසිල් රාජපක්ෂ

කර්තෘ Chathuranga Rajapaksha

11 Jan, 2014 | 9:36 pm

දිවි නැගුම යටතේ බෙදා දුන් බීජ පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දෙනියායේ පැවති උත්සවයකට එක්වෙමින් අදහස් පළ කළේය.

[quote]දැන් මටත් වෙලා තියෙන්නේ දිවි නැගුම කාලෙත් ඇට බෙදුවට පස්සෙත් ඇටේ ඇවිල්ලා පොළව හදලා ඇටේ දාලා වතුරත් වක්කරලා දෙන්න ඕන . ඒක නැති වුණාමත් අපේ මෙහෙ ඉන්න මන්ද බුද්ධික අය වරද්ද ගන්නවා පැළ වුන් නෑ කියලා. මං දන්නෑ කොහොම වැරදුණා ද කියලා. මට ඇවිල්ලා කිව්වා බණ්ඩක්කා ඇටයි ඔය මොකක්ද ඇට වගයෙකුයි වැරදිලා කියලා. මේ රාජපක්ෂලාට ඒවා හොඳට දන්නවා මේ දකුණේ ඉපදිච්ච අය. ඉතින් මේ බණ්ඩක්කා ඇටෙයි පුළුං ඇටෙයි අඳුරගන්න බැරි රාජපක්ෂලා නෙවෙයි අපි.[/quote]

අයවැය යෝජනා යටතේ මාතර දිස්ත්‍රික්කයේ අක්කරයට අඩු කුඩා තේ වතු හිමියන්ට ජල සහ පාංශු සංරක්ෂණය සඳහා රුපියල් පන්දහස බැඟින් ලබා දීමේ පළමුවැනි වැඩසටහන අද පැවැත්වුනේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]