යතුරු පැදිය නවතා තිබූ ලොරියේ ගැටී සෙබළා මරුට

යතුරු පැදිය නවතා තිබූ ලොරියේ ගැටී සෙබළා මරුට

යතුරු පැදිය නවතා තිබූ ලොරියේ ගැටී සෙබළා මරුට

කර්තෘ Sagarika Chathumali

07 Jan, 2014 | 3:18 pm

වරකාපොල, නැව්ගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබළෙකු මිය ගොස් තව ත් සෙබළෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද උදෑසන කොළඹ සිට වරකාපොළ දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් අනතුරට මුහුණ දී ඇති බව ය.

එහිදී කොළඹ දෙසට මුහුණ ලා නතර කර තිබූ ලොරි රථයක යතුරු පැදිය ගැටී තිබේ.

ඔහුගේ සිරුර මේ වන විට වරකාපොළ රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූ සෙබළා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.

මි‍ය ගොස් ඇත්තේ ‍තෝලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]