යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල වෙරළ බඩ ජනතාව ඉවත් කෙරේ (වීඩියෝ)

යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල වෙරළ බඩ ජනතාව ඉවත් කෙරේ (වීඩියෝ)

කර්තෘ Chathuranga Rajapaksha

05 Jan, 2014 | 10:19 am

ගැඹුරු පීඩන අවපාතය යාපනය හරහා හමා යාමේ අවදානම හේතුවෙන් දිස්ත්‍රික්කයේ වෙරළබඩ මීටර් 100 ක් ඇතුළත ප්‍රදේශයේ ජීවත්වන ජනතාව ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා පවසයි.

ඔහු නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන්  ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති බව ය.

අද උදෑසන 11.00 ට පමණ අප ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් යාපනය ප්‍රදේශයේ ලබාගත් දර්ශන පහත දැක්වේ.

ප්‍රාදේශීය ලේකම්වරුන් හා ආපදා කළමනාකරණ නිලධාරීන් මාර්ගයෙන් එම කටයුතු සම්බන්ධීකරනය කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ මීටර් 100 ක් ඇතුළත වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාව ද මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීම ආරම්භ කර ඇතැයි මුලතිව් දිස්ත්‍රික්  ලේකම් එන්.වේදනායගම් මහතා ප්‍රකාශ කළේය.

අද උදෑසන 11.15 ට පමණ අප ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් මුලතිව් ප්‍රදේශයේ ලබාගත් දර්ශන පහත දැක්වේ.

Severe Weather Condition Mullativu

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]