යාපනය වෙරළාශ්‍රීත මීටර් 100ක් ඇතුළත ජනතාවට ප්‍රදේශයෙන් ඉවත්වන්නැයි උපදෙස්

යාපනය වෙරළාශ්‍රීත මීටර් 100ක් ඇතුළත ජනතාවට ප්‍රදේශයෙන් ඉවත්වන්නැයි උපදෙස්

කර්තෘ Chathuranga Rajapaksha

05 Jan, 2014 | 8:29 am

ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් යාපනය වෙරළාශ්‍රීත මීටර් 100ක් ඇතුළත ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේය.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, යාපනය දිස්ත්‍රික් අපදා කළමනාකරණ අංශ මගින් මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ය.

දිවයින ආසන්නයේ ස්ථාපිතව ඇති ගැඹුරු පීඩන අවපාතය අද දිනයේ යාපනය අර්ධද්වීපය හරහා හෝ ඊට ඉතා ආසන්නයෙන් ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යය නියතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා සඳහන් කළේ, මේවන විට එය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 200 ක් පමණ දිවයිනට නැගෙනහිර දෙසින් පවතින බව ය.