බෝගම්බර රැඳවියන්ගේ උපවාසය තව දුරට ත්

බෝගම්බර රැඳවියන්ගේ උපවාසය තව දුරට ත්

බෝගම්බර රැඳවියන්ගේ උපවාසය තව දුරට ත්

කර්තෘ Chathuranga Rajapaksha

05 Jan, 2014 | 6:48 am

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ, තමන් අද දිනයේ බෝගම්බර බන්ධනාගාරයට ගොස් උපවාසයෙ නිරත රැඳවියන් සමග සාකච්ඡා කරන බව ය.

මේ අතර බෝගම්බර බන්ධනාගාරයේ උපවාසයේ නිරත සිරකරුවන්ගෙන් තුන් දෙනෙකු සිය උපවාසය ඊයේ අත්හැර දැමුවේය.

මරණ දඬුවම  නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූවන් ඇතුළු රැඳවියන් 26 දෙනෙකු තවමත් වහලය මත නැගී උපවාසයේ යෙදී සිටී.

ඔවුන් සිය දඩුවම් ලිහිල් කරන ලෙස ඉල්ලමින් උපවාසය කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]