බඹරු, තේ දළු නෙලන කාන්තාවන් 5ක් රෝහලට යවයි

බඹරු, තේ දළු නෙලන කාන්තාවන් 5ක් රෝහලට යවයි

බඹරු, තේ දළු නෙලන කාන්තාවන් 5ක් රෝහලට යවයි

කර්තෘ Chathuranga Rajapaksha

05 Jan, 2014 | 2:12 pm

බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් ඩයගම, බටහිර වත්ත ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් 05 දෙනෙකු රෝහල්ගත කෙරිණ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ඊයේ පස්වරුවේ බටහිර වත්ත 3 වන කොටසේ සේවයේ යෙදී සිටි කාන්තාවන් එම බඹර ප්‍රහාරයට ලත්ව ඇති බවයි.

ප්‍රථිකාර සදහා එම කාන්තාවන් ඩයගම රෝහට ඇතුළු කර ඇති අතර ඉන් තුන්දෙනෙකු මේවන විට ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටවගොස් තිබෙනවා.