බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තෙවරක් වහළෙට නැග්ගත් පලක් නැති වෙයි

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තෙවරක් වහළෙට නැග්ගත් පලක් නැති වෙයි

කර්තෘ Sagarika Chathumali

05 Jan, 2014 | 10:29 pm

බෝගම්බර බන්ධනාගාරයේ වහළය මත උපවාසයේ නිරත සිරකරුවන් සමග අද සිදු කළ සාකච්ඡා සියල්ල අසාර්ථක වූ බව බන්ධනාගාර කො‍මසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  උපවාසයේ නිරත සිරකරුවන් සමග පෞද්ගලිකව තමන් අද දිනය තුළ තෙවරක් සාකච්ඡා කළ බව ය.

මරණ දඬුවම නියම වූ සහ ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූවන් ඇතුළු රැඳවියන් පිරිසක් පසුගිය සිකුරාදා පෙරවරුවේ සිය දඬුවම් ලිහිල් කරන්නැයි ඉල්ලමින් මෙම උපවාසය ආරම්භ කළේ ය.

ඊයේ ඔවුන්ගෙන් තිදෙනෙකු උපවාසය අත හැරි අතර බන්ධනාගාර කො‍මසාරිස් ජනරාල්වරයා පැවසුවේ, තව ත් 32 දෙනෙකු තව දුරට ත් උපවාසයේ නිරතව සිටින බව ය.

තමන් අද තෙවරක් රැඳවියන් සිටින වහළය මතට නැගී ඔවුන්  සමඟ සාකච්ඡා කළ ද ඒ සියල්ල අසාර්ථ වූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් හා ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් හෙට අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බව ය.