පුත්තලම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය මුහුද අවට නම්, අවධානෙන්

පුත්තලම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය මුහුද අවට නම්, අවධානෙන්

පුත්තලම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය මුහුද අවට නම්, අවධානෙන්

කර්තෘ Sagarika Chathumali

05 Jan, 2014 | 4:02 pm

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 100 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු හා අනතුරු දායක විය හැකි බව ය.

දිවයිනේ උතුරු ප්‍රදේශවලට හා උතුරු දෙසින් වන මුහුදේ මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.