English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
05 Jan, 2014 | 8:09 pm
දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය අද සවස් වන විට ඊශාන දිග වෙරළට නැගෙනහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එය අද රාත්‍රී කාලයේ දිවයිනේ උතුරු ප්‍රදේශය හරහා ගමන් කරනු ඇති බව ය.
මේ හෙතුවෙන් දිවයිනේ උතුරු කොටසේ හා උතුරු මුහුදු ප්‍රදේශවල මෙන්ම මන්නාරම් බොක්ක ආශ්‍රිතව පැයට කිලෝ මීටර් 100ක පමණ තද සුළං සහ මිලි මීටර් 100 ඉක්ම වු තද වැසි අපේක්ෂා කරයි.
මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ ඉතා අනතුරුදායක බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම වෙරළ ආසන්නව මීටර් 3ක පමණ උස් රළ ඇති විය හැකි බැවින් වඩා ත් සැලකිලිමත් වන ලෙස වෙරළ ආශ්රිත ජනතාවට දැනුම් දෙයි.
මේ අතර ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය , යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළට මීටර් 100ක් සමීපව සිටින පිරිස් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ, උතුරු මුහුද හා ඒ ආශ්රිත ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ තව දුරට ත් අවධානයෙන් සිටින බව ය.
අයහපත් කාලගුණය හේතුවෙන් ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවල ජන ජීවිතයට බාධා එල්ල විය.
එම දිස්ත්‍රික්කවල ධීවරයින් මේ හේතුවෙන් අද මුහුදු යාමෙන් වැලකී සිටියේ ය.
16 Feb, 2019 | 06:42 AM
10 Feb, 2019 | 07:44 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS