English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
05 Jan, 2014 | 8:04 am
දිවයින ආසන්නයේ ස්ථාපිතව ඇති ගැඹුරු පීඩන අවපාතය අද දිනයේ යාපනය අර්ධද්වීපය හරහා හෝ ඊට ඉතා ආසන්නයෙන් ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යය නියතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා සදහන් කළේ, මේ වනවිට එය ත්‍රීකුණාමලයේ සිට කිලෝමීටර 200 ක් පමණ දිවයිනට නැගෙනහිර දෙසින් පවතින බව ය.
ඒ හේතුවෙන් දිවයිනේ උතුරු කොටසේ සහ උතුරු මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 100 ක පමණ ඉතා තද සුළං සහ මිලි මීටර 200 ක පමණ ඉතා තද වැසි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව මන්නාරම සිට කන්සන්තුරේ හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි ඇතිවිය හැකි ය.
එම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වියහැකි අතර වෙරළ ආසන්නයේ මීටර 03 ක පමණ උස් රළ ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ පිලිබඳව වෙරළ ආශ්‍රීත ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස ය.
පීඩන අවපාතයේ බලපෑමෙන් දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා ද තරමක තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
උතුරු මැද, නැගෙනහිර පළාත්වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අපර භාගයේ හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අනාවැකියේ සදහන් ය.
16 Feb, 2019 | 06:42 AM
08 Feb, 2019 | 05:38 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS