ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයේ සිට කි.මී. 150 ක් ඊසාන දෙසින්

ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයේ සිට කි.මී. 150 ක් ඊසාන දෙසින්

කර්තෘ Chathuranga Rajapaksha

05 Jan, 2014 | 12:57 pm

ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ත්‍රීකුණාමලය සිට යාපනය දක්වා වෙරළ තීරයේ නවතා ඇති ධීවර යාත්‍රා ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේය.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ය.

දිවයින ආසන්නයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ත්‍රීකුණාමලයට කිලෝමීටර 150 ක් ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය අද දිනයේ යාපනය අර්ධද්වීපය හරහා හෝ ඊට ඉතා ආසන්නයෙන් ගමන් කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මේ නිසා උතුරු පළාතේ සහ දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. 100 පමණ ඉතා තද සුළං සහ මිලි මීටර් 200 ක් පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් යාපනය හා මුලතිව් දිස්ත්‍රික්වල  වෙරළාශ්‍රිත මීටර් 100ක් ඇතුළත ප්‍රදේශයේ ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේය.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ, යාපනය දිස්ත්‍රික් අපදා කළමණාකරණ අංශ මගින් මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ය.

අද උදෑසන 11.00 ට පමණ අප ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් යාපනය ප්‍රදේශයේ ලබාගත් දර්ශන පහත දැක්වේ.

අද උදෑසන 11.15 ට පමණ අප ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් මුලතිව් ප්‍රදේශයේ ලබාගත් දර්ශන පහත දැක්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]