ඔක්කොම ගියේ හා කියලා තමයි – සනත් ජයසූරිය (වීඩියෝ)

ඔක්කොම ගියේ හා කියලා තමයි – සනත් ජයසූරිය (වීඩියෝ)

කර්තෘ Sagarika Chathumali

05 Jan, 2014 | 9:38 pm

මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් අද පෙරවරුවේ පැවැත් විය.

ඒ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරින් ඇතුළු පළාත් පාලන නියෝජිත පිරිසක් එක් ව සිටියහ.

මෙහිදී පසුගිය දා පරාජය වූ මාතර ප්‍රාදේශීය සභාවේ අයවැය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේ ය.

[quote]ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට සන්ධානය හැටියට මහ ලේකම්තුමා භාණ්ඩාගාරිකතුමා මේ පක්ෂේ මේ හැ‍මෝම ඉස්සරහ‍ට ගෙනල්ලා ආසන සංවිධායකත් එක්ක තමයි තීරණ ගත්තේ. ආසන සංවිධායක තනියෙන් නෙවෙයි තීරණ ගත්තේ. මේ හැමෝම එකතුවෙලා තමයි මේ තීරණ ගත්තේ.හැබැයි මේ තීරණයට ඔක්කොමලා හා කියලා තමයි ගියේ[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]