අළු බඳුන 5-0 ක් ලෙස කැන්ගරුවන් ජය ගනී

අළු බඳුන 5-0 ක් ලෙස කැන්ගරුවන් ජය ගනී

අළු බඳුන 5-0 ක් ලෙස කැන්ගරුවන් ජය ගනී

කර්තෘ Chathuranga Rajapaksha

05 Jan, 2014 | 1:33 pm

එංගලන්යට එරෙහිව පැවති අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පස්වැනි තරගයේ ද ජයග්‍රහණය වාර්තා කල ඔස්ට්‍රේලියාව තරගාවලිය තරග 5ට 0ක් ලෙස ජය ගත්තේය.

ලකුණු 448ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයේ සියලුදෙනා ලකුණු 166කට දැවී ගියේය.

තරගය‍ පැවැත්වුණේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී ය.

Ashes1 2014

අද දිනය ආරම්භවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කරගෙන සිටියේය.

ටෙස්ට් දිවියේ තුන්වැනි ශතකය රැස් කළ ක්‍රිස් රොජර්ස් අද රැස් කළ ලකුණු සංඛ්‍යාව 119කි.

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 76ක් තුළ දැවී ගියේය

ස්කොට් බොත්වික් ලකුණු 33ට කඩුලු 3ක් දවා ගත්තේය.

Ashes2 2014

ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 448කි.

එංගලන්ත පළමු කඩුල්ල ලෙස නායක ඇලෙස්ටෙයාර් කුක් දැවී ගියේය.

එංගලන්තයේ කඩුලු 7ක් ලකුණු 95ක් තුළ දැවී ගියේය.

තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ රයන් හැරිස්ට හිමිවිය.

තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්ට ලබා දුන්නේය.

Ashes3 2014