වෝකර්ගේ මරණය සම්බන්ධයෙන් අනාවරණයක්

වෝකර්ගේ මරණය සම්බන්ධයෙන් අනාවරණයක්

වෝකර්ගේ මරණය සම්බන්ධයෙන් අනාවරණයක්

කර්තෘ Sagarika Chathumali

04 Jan, 2014 | 1:40 pm

මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ජනප්‍රිය හොලිවුඩ් නළු පෝල් වෝකර් හෝ ඔහු මිත්‍රයා අනතුර සිදු වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය පානය කර සිට නොමැති බව අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පෝල් වෝකර් සහ මිත්‍රයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වී ඇති බව ය.

ඔවුන් දෙනො රැගත් මෝටර් රථය විදුලි කණුවක ගැටුණු අවස්ථාවේ එය අධික වේගයෙන් ධාවනය වෙමින් තිබී ඇති අතර පසු ව රථය පිපිරී ගොස් තිබේ.

අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථය පැයට කිලෝමීටර් 160ක වේගයෙන් ගමන් කරමින් තිබී ඇති බව  ද වාර්තා විය.

පුන්‍ය කටයුත්තක් සඳහා යමින් සිටියදී පසුගිය නොවැම්බර් 30 වන දා කැලිෆෝනියාවේදී අනතුර සිදු විය.

අනතුර සිදු වන අවස්ථාවේ රථය ධාවනය කරමින් සිට ඇත්තේ, වෝකර්ගේ මිත්‍රයා ය.

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත් අමෙරිකානු නළු පෝල් වෝකර් රිය අනතුරකින් මිය යන විට 40 වැනි වියේ පසු විය.

කෙසේ වෙත් බලධාරීන් පවසන්නේ, රිය අනතුර සම්බන්ධ විමර්ශන තව දුරටත් අවසන් ව නොමැති බව ය.