‘රම්‍ය තීර්ථය’ පළමු ප්‍රසංගය 25 වන දා

‘රම්‍ය තීර්ථය’ පළමු ප්‍රසංගය 25 වන දා

කර්තෘ Chathuranga Rajapaksha

03 Jan, 2014 | 10:04 pm

‘රම්‍ය තීර්ථය’

එය මෙරට සුභාවිත ගීතය වර්තමාන හා අනාගත පරපුර වෙත ගෙන යෑමට සිරස එෆ්.එම්. දරන තවත් ප්‍රයත්නයකි.

ප්‍රවීණ සංගීතවේදීනී විශාරද නන්දා මාලිනී සහ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක ‍සූරීන් දෙපළ එම ප්‍රසංගයට ගායනයෙන් දායක වේ.

ප්‍රසංගය පිළිබඳව දැනුවත් කිරිමේ හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්විය.

සිරස ‍එෆ්.එම්. සංවිධානය කරන ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවන්නේ ප්‍රවීණ සංගීතවේදී ජයන්ත රත්නායක මහතා ය.

‘රම්‍ය තීර්ථය’ පළමු ප්‍රසංගය ලබන 25 වන දා පස්වරු 07 ට රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත ය.

සිරස එෆ්.එම්. නාලිකා ප්‍රධානී කිංස්ලි රත්නායක මහතා

[quote]වර්තමානයත් අතීතයත් විතරක් ජිවත්වෙන කොට අනාගතේ අමතක වෙන ගතියක් මේ කාලෙට එනවා.ඒක නිසා අනාගත පරපුර කෙරෙහි බලාපොරොත්තුවක් තබමින්නැවත ස්වභාවිත ගීතය ජනගත කරන්නට දරන මහා වෑයමක් හැටියටයි අප මේක යුතුකමක් හැටියටයි අපි මේක දකින්නේ.[/quote]

ප්‍රවීණ  සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මිය

[quote]සිරස එෆ්.එම් නාලිකා ව ඔස්සේ ගිත ගායනා කරලා ශ්වේත රාත්‍රිය ප්‍රසංගය රට වටේ ඉදිරිපත් කරන්නට ඉතාම ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. දැන් අවුරුද්දයි මාස 5කට පස්සේ නැවත මේ අලුත් ප්‍රසංගය පටන් ගන්නට ආරාධනා කළාම ඉතින් හුඟාක් සන්තෝසෙන් ඒකට කැමති වුණා‍. අපිට වික්ටර් රත්නායකයන්ගේ එකතුවත් එක්ක සිරස එෆ්.එම් නාලිකාවේ ශක්තියත් එක්ක හොද ගමනක් යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.[/quote]

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතා

[quote]නන්දා මාලිනිය කියන ඒ මහා පෞරුෂය මට අද එක්වෙලා බැඳිලා මේ වාගේ ද්විත්ව ප්‍රසංගයක් ඉදිරිපත් කිරිමට ලැබීම මගේ භාග්‍යක් හැටියට මා කියන්න කැමතියි. රම්‍ය තීර්ථය ප්‍රසංගය ලංකාවේ මෙතෙක් සිදුනොවූ නොවිරූ සංගීත ප්‍රසංගයක් වනවා නොඅනුමානයි.[/quote]