ඔක්ටේන් 90 වෙළෙඳපොළෙන් ඉවතට

ඔක්ටේන් 90 වෙළෙඳපොළෙන් ඉවතට

කර්තෘ Sagarika Chathumali

01 Jan, 2014 | 9:00 pm

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අද සිට වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ ය.

ඒ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් වෙළෙඳපොළෙන් ඉවත් කරමිනි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අද වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ ඛනිජ ‍තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ය.

නව පෙට්‍රල් වර්ගය කාර්යක්ෂමතාවයෙන් ඉහළ බැවින් රථ වාහනවල කල් පැවැත්ම වැඩි අතර  පරිසර හානිය ද අව ම බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවි කෙරෙන්නේ ද ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක් අලෙවි කළ රුපියල් 162ක මිලට ම යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]