වසරේ හොඳ ම ව්‍යවසායකයා සුජීව පල්ලියගුරුගේ

වසරේ හොඳ ම ව්‍යවසායකයා සුජීව පල්ලියගුරුගේ

කර්තෘ Sagarika Chathumali

31 Dec, 2013 | 8:01 pm

2013 වසරේ ශ්‍රි ලංකාවේ හොඳ ම ව්‍යවසායකයා තෝරා ගැනීමේ සම්මාන උළෙල ඊයේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත් විය.

එය සංවිධානය කළේ, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ නිව්ස්ෆස්ට් එක් ව යි.

18 වැනි වරට පැවති මෙවර සම්මාන උළෙලේදී උතුර, නැගෙනහිර, බස්නාහිර පළාත්වල ව්‍යවයාසයකයින් සඳහා ද ඛාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන පිරිනැමණ.

බස්නාහිර පළාතේ නැගී එන  ව්‍යවසායිකාව ලෙස රන් සම්මාන ලැබුවේ නන්දා හෑන්ඩ්ලූම් ආයතනයේ හිමිකාරිත්වය දරන නන්දාවතී සිල්වා මහත්මිය යි.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරධිතයා වූයේ  ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යි.

සේනානි ඇන්ඩ් ඕක්රේ හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ සභාපති සුජීව පල්ලියගුරුගේ මහතා 2013 වසරේ හොඳ ම ව්‍යවසායකයා ලෙස මෙවර පැලැටිනම් සම්මානය දිනා ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]