මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි

දුරකථන මත අය කළ විදුලි සංදේශ බද්ද හෙට සිට ඉහළට

දුරකථන මත අය කළ විදුලි සංදේශ බද්ද හෙට සිට ඉහළට

කර්තෘ Sagarika Chathumali

31 Dec, 2013 | 9:26 pm

අයවැයෙන් යෝජිත බදු සංශෝධන කිහිපයක් හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තොග හා සිල්ලර වෙළෙඳාම මෙන් ම ආනයන මත පැන වූ වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු මෙන් ම  වි‍දුලි සංදේශ බද්ද ද ඊට ඇතුළත් ය.

2014 අයවැය බදු සංශෝධන අතරින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හා සෙස් බදු වැනි සංශෝධන කිහිපයක් නොවැම්බර් මස 22 වැනිදා සිටම ක්‍රියාත්මක කෙරිණ.

ඒ යටතේ සිනි, පරිප්පු, ටින් මාළු ඇතුළු ආනයනික අහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ ගියේ ය.

මේ අතර සුපිරි වෙළෙඳසල් සදහා වැට්  බදු අය කෙරෙන පිරිවැටුම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 500 සිට රුපියල් මිලියන 250 ක් දක්වා අඩු කළේ ය.

ඒ අනුව තොග හා සිල්ලර වෙළෙඳුන්ට ද මෙම වැට් බද්ද දැරීමට සිදුවන බවට පසුගිය දිනවල අදහස් පළ විය.

මේ අතර විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යට‍තේ වැට් බද්දෙන් නිදහස් කොට තිබු භාණ්ඩ ගනනාවක් මත ද මෙවර අයවැයෙන්  ආනයන වටිනාකම මත වැට් බදු පැනවීමට යෝජනා කෙරිණ.

ඒ යටතේ මාස 3ක කාලයක් තුළ රුපියල් මිලියන 250 කට වැඩි වටිනාමකින් යුත් භාණ්ඩ ආනයනය කිරීමේදී12% ක් වන  වැට් බද්ද ගෙවිය යුතු ය.

ඒ පිළිබඳව මුදල් ආමත්‍යාංශය සමග සාකච්ජා කරමින් ඇති බව ත් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බව ත් ආනයනකරුවෝ පවසති.

මේ අතර මෙතෙක් දුරකථන මත අය කළ 20% ක් වූ විදුලි සංදේශ බද්ද හෙට 25% දක්වා ඉහළ දමා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]