වස විසෙන් තොර ආහාර වේලක් සැපයීමට කැප වන්නැයි ජනපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි

වස විසෙන් තොර ආහාර වේලක් සැපයීමට කැප වන්නැයි ජනපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි

කර්තෘ Sagarika Chathumali

29 Dec, 2013 | 8:14 pm

වස විසෙන් තොර ආහාර වේලක් සැපයීම වෙනුවෙන් කැපවන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

ජනාධිපතිතුමා එම ඉල්ලීම සිදු කළේ, කොළඹ සම්බෝධි විහාරයේ අද පැවති උත්සවයකදී ය.

කොළඹ 7 සම්බෝධි විහාරයේ සෙත්සුව මැදුර සුරක්ෂිත ආහාර මධ්‍යස්ථානය අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සම්බෝධි විහාරාධිපති හිමියන්‍ එක් ව ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතිය යටතේ සහන මිලට දේශීය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට පහසුකම් සලසා තිබේ.

මෙහිදී ජනාධිපතිතුමා පැවසුවේ, යුද්ධය අවසන්කර රට ආර්ථික වශයෙන් ගොඩනගන මොහොතේ වස විසෙන් තොර දේශීය ආහාර වේලක් ජනතාවට හඳුන්වා දීමේ යුගය එළඹෙමින් තිබෙන බව ය.

ජාතියට නිරෝගී දිවියක් උරුමකර දීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සකස් කළ යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිතුමාට භාර දුන්නේ ය.