අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ජනවාරි මාසයේ ස්ථිර පත්වීම්

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ජනවාරි මාසයේ ස්ථිර පත්වීම්

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ජනවාරි මාසයේ ස්ථිර පත්වීම්

කර්තෘ Chathuranga Rajapaksha

29 Dec, 2013 | 2:24 pm

රාජ්‍ය සේවයට බදවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරී සියල්ලන්ටම ජනවාරි මාසය අවසන් වීමට පෙර ස්ථිර පත්වීම් ලබාදෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් පී.බී.අබේකෝන් මහතා සඳහන් කළේ, මේ වනවිට අදාල අභ්‍යාසලාභී උපාධිධාරීන් පුරප්පාඩු සහිත තනතුරු සදහා අනියුක්ත කර ඇති  බව ය.

පළාත් සභාවල එකඟත්වය ඇතිව ඔවුන්ට අවශ්‍ය පත්වීම් කඩිනමින් මුදා හැරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවය සදහා රැකියා විරහිත උපාධිධාරීන් සදහා පනස් දෙදහසක් බඳවා ගැනිණ.

එහෙත් 7000 ක්ම මේ වනවිට වෙනත් තනතුරු සදහා මාරුවී ගොස් ඇති බව ලේකම්වරයා පැවසීය.

ඇතැම් දිස්ත්‍රික්කවල අභ්‍යාස ලාභී උපාධිධාරීන්ගේ අතිරික්තයක් පවතින අතර ඔවුන්ට ආසන්න දිස්ත්‍රිකයේ පත්වීම් ලබාදීමට නියමිත බව ද ඔහු පැවසීය.