සුපිරි නළු සල්මන් ඛාන් ගැන නොදත් කරුණු

සුපිරි නළු සල්මන් ඛාන් ගැන නොදත් කරුණු

සුපිරි නළු සල්මන් ඛාන් ගැන නොදත් කරුණු

කර්තෘ Kumudu Jayawardana

27 Dec, 2013 | 2:05 pm

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් අද සිය 48 වන උපන් දිනය සමරයි.

ඒ නිමිත්තෙන් ඔහු පිළිබඳව අප්‍රකට කරුණු කිහිපයක් ඉන්දීය මාධ්‍යවල වාර්තා කර තිබේ.
[quote]සල්මන් ඛාන් ප්‍රධාන පෙළේ පාවහන් සමාගමක සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ ද ඔහු වඩා ත් කැමත්තක් දක්වන්නේ, පාවහන් නොමැතිව ඇවිදීමට ය.[/quote]
පළමු වැන්න ඔහු පාසල් සමයේදී පිහිනුම් තරගවලදී විශිෂ්ට දක්ෂතා දැක්වීම යි. ඔහුගේ පාසල් පුහුණුකරුවන් පවසා ඇත්තේ, නළුවෙකු නොවුණා නම් සල්මන් ඉන්දියාව නියෝජනය කරන විශිෂ්ට පිහිනුම් ශූරයෙකු වන බව ය.

ඔහුගේ ප්‍රියතම නළුවා සිල්වෙස්ටර් ස්ටැලෝන් වන අතර ප්‍රියතම නිළිය හේමා මාලිනි ය.

අබ්බාස් මුස්ටාන්ගේ බාසිගර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා මුලින් සල්මන් ඛාන් තෝරා ගෙන තිබුණ ද එම චරිතය දුෂ්ටයාගේ චරිතයක් බැවින් ඔහු ප්‍රතික්ෂේප කළේ ය. පසුව එයට ෂාරුක් ඛාන් තෝරා ගැනුණු අතර එයින් ෂාරුක් අතිශයින් ජනප්‍රියත්වට පත් විය. ඔහුට ඒ වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය ද හිමි විය.

සල්මන් ඛාන් ප්‍රධාන පෙළේ පාවහන් සමාගමක සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ ද ඔහු වඩා ත් කැමත්තක් දක්වන්නේ, පාවහන් නොමැතිව ඇවිදීමට ය.

සල්මන් ඛාන් නිල් මැණිකක් ඔබ්බවන ලද අත් පළඳනාවක් සැමවිට ම පළඳින අතර ඔහුගේ පියා වන සලීම් ඛාන් ද එවැනි ම අත් පළඳනාවක් පළඳී.

ඔහු රිය පැදවීමට ඉමහත් කැමැත්තක් දක්වයි.

සල්මන් ඛාන් වඩා ත් ප්‍රිය කරනුයේ චීන ආහාරවලට ය. ඔහුගේ ප්‍රියතම අවන්හල මුම්බායිහි චයිනා ගාර්ඩ්න් අවන්හල යි.

ඔහුගේ නාන කාමරයේ සියලු ම වර්ගයේ සබන් වර්ග ඇති අතර ඔහු වඩා ත් කැමැත්තක් දක්වනුයේ, ස්වාභාවික පළතුරු සහ එළවළු යොදාගෙන නිපදවූ සබන් භාවිත කිරීමට ය.