එත‍නෝල් ගැසූ පලතුරු කිලෝ 75000ක් මැනිං වෙළෙඳපොළෙන්

එත‍නෝල් ගැසූ පලතුරු කිලෝ 75000ක් මැනිං වෙළෙඳපොළෙන්

එත‍නෝල් ගැසූ පලතුරු කිලෝ 75000ක් මැනිං වෙළෙඳපොළෙන්

කර්තෘ Chathuranga Rajapaksha

27 Dec, 2013 | 4:26 pm

එත‍නෝල් භාවිත කර ඇති බවට සැක කෙරෙන පලතුරු කිලෝ ග්‍රෑම් 75,000 කට ආසන්න තොගයක් කොළඹ මැනීං වෙළෙඳපොළ ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් සොයාගනු ලැබ තිබේ.‍

එහි සභාපති රූමි මර්ෂුක් මහතා සඳහන් කළේ, වෙළෙඳසල්  100කට ආසන්න සංඛ්‍යාවක් වැටලූ බව ය.

ඔවුන් භාරයට ගත් පලතුරු තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර සහල් සහ කුකුළු මස් සදහා නියම කරන ලද පාලන මිල නොතකා අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් සොයා බලන බව ද පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]