ෆැමිලි ‍‍‍ෆියෙස්ටා වැඩසටහනට අති විශාල ජනකායක්

ෆැමිලි ‍‍‍ෆියෙස්ටා වැඩසටහනට අති විශාල ජනකායක්

කර්තෘ Sagarika Chathumali

25 Dec, 2013 | 9:01 pm

නිවුස්ෆස්ට්, යූත්ෆස්ට්, කිඩ්ස්ෆස්ට් එක් ව සංවිධානය කරන ෆැමිලි ෆියෙස්ටා වැඩසටහන අද කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත් විය.

පෙරවරු 9.00ට ආරම්භ වූ ‍ෆැමිලි ‍‍‍ෆියෙස්ටා වැඩසටහනට අද වාර්තාගත ජනකායක්  සහභාගි විය.

එහි පැවති චිත්‍ර තරග, උපුල් මාමාගේ රස කතන්දර, මැජික් සංදර්ශන ඇතුළු විශේෂාංගවලට දරු දැරියන් එක්වූයේ දැඩි උනන්දුවකිනි.

මේ අතර කැන්ඩි සිටි සෙන්ටර් වෙත පැමිණි නත්තල් සීයා දරු දැරියන්ට තෑගි භෝග බෙදා දුන්නේ ය.

පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනෙන් ජය ලැබූ සරිත් සහ සුරිත් ෆැමිලි ෆියෙස්ටා රසවත් කළහ.

දින්නාදා වාද්‍ය වෘන්දය හා ජනප්‍රිය ගායක චින්ති විසින් ෆැමිලි ෆියෙස්ටා සන්ධ්‍යාව වර්ණවත් කරනු ලැබී ය.